කොළඹ-බදුල්ල ලංගම බස් රියදුරුගේ ක්ෂණික තීරණයෙන් මහා ඛේදවාචකයක් වළකියි

By Kanchana Sep 13, 2026 09:50 AM GMT
Report

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් බිහිසුනු අනතුරකින් වළක්වා ගැනීමට එහි රියදුරු ක්‍රියාකිරීම හේතුවෙන් ජීවිත රැසක් ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.

කොළඹ සිට බදුල්ල හරහා බිබිල දක්වා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ත්‍රි රෝද රථයක රෝදය ගැලවී විසිවී ඇත.

එහිදී පාලනයෙන් ගිලිහුනු ත්‍රී රෝද රථය බස් රථයේ ගැටීම වළක්වමින් බස් රථයේ රියදුරු ක්ෂණිකව එය මසාර්ගයේ දකුණු පසට බරකර ආරක්ෂිතව කානුවක් දෙසට යොමු කරමින් නවත්වාගෙන තිබේ.

රියදුරුගේ මෙම ක්ෂණික තීරණය නිසා බස් රථයේ ගමන් ගත් මගීන් රැසකගේ මෙන්ම ත්‍රි රෝද රථයේ ගමන් කළ පිරිසගේ ද ජීවිත හානියකින් තොරව බේරා ගැනීමට හැකිව තිබෙන බව වාර්තා වෙයි.

මෙම අනතුරෙන් බස් රථයට සුලු හානි සිදුව ඇත. ඒ වගේම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබේ.

"බිග් මැච් සහ පිටත උත්සවවල මත්පැන් නියාමනය කරන්න බැහැ" - මත්ද්‍රව්‍ය තහනම් චක්‍රලේඛයේ සීමාව ගැන නිලධාරීන්ගෙන් අලුත්ම කතාව

"බිග් මැච් සහ පිටත උත්සවවල මත්පැන් නියාමනය කරන්න බැහැ" - මත්ද්‍රව්‍ය තහනම් චක්‍රලේඛයේ සීමාව ගැන නිලධාරීන්ගෙන් අලුත්ම කතාව