බ්‍රසීලයට දරුණු ගං වතුර තත්ත්වයක් - මිය ගිය ගණන 46 දක්වා ඉහළට
By Mithu
බ්‍රසීලයේ මිනාස් ජෙරයිස් ප්‍රාන්තයේ දැඩි වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46 දක්වා ඉහළගොස් තිබේ.
ආපදා තත්ත්වය හමුවේ තවදුරටත් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, එරට ගලවා ගැනීමේ කණ්ඩායම් සොයා බැලීම් අඛණ්ඩව සිදුකරමින් සිටී.
කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ, ප්‍රාන්තයට තවදුරටත් තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින අතර, නායයෑම් සහ අනෙක් අවදානම් තත්ත්වයන් ද සක්‍රීයව ඇති බවයි.