පෙම්වතියගේ සොරාගත් බැංකු කාඩ්පතෙන් පෙම්වතා උගුලක

POLICE SOUTH BANK CARD BOYFRIEND GIRLFRIEND
By Sewvandhi Nov 10, 2021 01:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අම්මාගේ බැංකු කාඩ් පත සොරකම්කර අසනීපයට බෙහෙත් ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙස පෙම්වතාට ලබා දී ඇති අතර කාඩ් පතෙන් මුදල් ලබාගෙන බෙහෙත් වෙනුවට බීර සහ බයිට් මිලදීගෙන රැගෙන එද්දී ආරක්ෂක අංශවලට කොටු වූ අපූරු පෙම්වතෙකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ සුන්දර ගම්මානයකින් වාර්තා වේ.

පෙම්වතිය දහනව හැවිරිදි වියේ පසුවන වන අතර පෙම්වතාගේ වයස අවුරුදු දහසයකි. දෙදෙනාම එකම පාසලේ ඉගෙනුම ලබති. මේ ප්‍රේමයට වසරක් පමණ කාලයක් ගෙවී ගොස් ඇති අතර දෙදෙනා නිවෙස්වලට හොර රහසේ අතර මගදී හමුවීම ද සිදු කළහ. අසනීපයකට බෙහෙත් ගැනීමට මුදල් නොමැති බව පෙම්වතා සිය පෙම්වතියට පැවසීම නිසා අම්මාගේ බැංකු කාඩ් පත හොරෙන් ලබාගෙන රුපියල් එක්දහස් පන්සියක් ලබාගන්නා ලෙස පෙම්වතිය පැවසුවාය.

පෙම්වතා බැංකු කාඩ් පත ද රැගෙන ත්‍රිරෝද රථයකට නැගී යහළුවකු සමගින් නගරයට ගොස් බැංකුවෙන් රුපියල් හය දහසක් ලබාගෙන දෙදෙනා රට බීමහලෙන් බීර කෑන් කිහිපයක් සහ අසල කඩයකින් බයිට් පැකට් කිහිපයක් ද මිලදී ගෙන තිබේ. ආපසු පැමිණෙමින් සිටියදී දෙදෙනාම ආරක්ෂක අංශවල පරීක්ෂාවට ලක්වූ අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පෙම්වතා සහ මිතුරා සියල්ල වමාරන්නට වූහ.

පරීක්ෂා කිරීම් සිදු කළ ස්ථානය අවට සැරිසරමින් සිටි තරුණියක් කෙරෙහි සැක සිතූ ආරක්ෂක අංශ ඇයගෙන් ද ප්‍රශ්න කළේය. මවගේ බැංකු කාඩ් පත සොරකම් කර පෙම්වතාට ලබාදුන් බවත් අසනීප බව පවසමින් පෙම්වතියගෙන් මුදල් ලබාගත් බවටත් එහිදී අනාවරණය විය.

පෙර අවස්ථාවකදී පෙම්වතියගේ පෙන්ඩනයක් ද මෙලෙසම ලබාදී ඇති බවත් එය ද උගස්කර තිබියදී සොයාගෙන ඇති අතර දෙදෙනාගේම වැඩිහිටියන් කැඳවා ඔවුනට විස්තරය පැවසීමෙන් පසු පාසල් වයසේ පසුවන ළමයි දෙදෙනාට අවවාද කර මුදාහරින ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. සිද්ධිය සමතයකට පත් වුව ද කතාව ගම පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය. දෙනගම යසන්ත ආරියසේන


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha