වැලන්ටයින් සමරන්න පෙම්වතිය බෑ කිව්ව නිසා පෙම්වතා ළිඳට පනී.

By Wayomi Feb 13, 2025 07:28 AM GMT
Report

වැලන්ටයින් දිනය සැමරීමට යාපනයට යාමට සිය පෙම්වතිය අකැමති වීමෙන් සිත්තැවුලට පත් තරුණයෙකු ඊයේ (12) ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් අම්බලපොක්කනෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි වර්ණකුලරාසා ප්‍රදීපන් නැමති තරුණයෙක්.

ඔහුගේ පෙම්වතියට මෙවර වැලන්ටයින් දිනය සැමරීම සඳහා තමන් සමග යාපනයේ ඇවිදීමට යාමට එන ලෙස කීප වරක්ම ඉල්ලා සිටි නමුත් ඇය ඊට එකග වී නොමැති අතර වාර කීපයක්ම ඒ වෙනුවෙන් බල කිරීම නිසා තරුණිය තරුණයා සමග අමනාප වී තිබෙනවා.

මේ හේතුව නිසා තරුණයා දැඩි සිත් තැව්ලකට පත්ව සිට ඇති අතර සිද්ධිය වූ දිනයේදී තරුණයා සිය පෙම්වතියට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබා ගත් නමුත්, ඇය පිළිතුරු ලබා නොදී අවසානයේදී දුරකතනය විසන්ධි කර ඇති බව සඳහන්.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

අනතුරුව සිත්තැවුලට පත්වූ ඔහු එම ප්‍රදේශයේ ළිදකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ධර්මපුරම් පොලිසිය එම තරුණයාගේ මළ සිරුර ළිදෙන් ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහලට බාර දී තිබුණා.

T56ක් උස්සා රටින් පැන්න කොස්තාපල්ගේ පෙම්වතියක් වන නැටුම් ටීචර් කෙනෙක් අත්අඩංගුවට. - Night club එකේදී set වෙලා.

T56ක් උස්සා රටින් පැන්න කොස්තාපල්ගේ පෙම්වතියක් වන නැටුම් ටීචර් කෙනෙක් අත්අඩංගුවට. - Night club එකේදී set වෙලා.


You may like this video