විරෝධතාවක් නිසා ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන් අවහිර වෙයි..
Protest
Kottawa
Isurupaya
Boralla
Battaramula
By Sewvandhi
පිරිවෙන් ගුරු සේවා සංගමයේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටින් බොරැල්ල-කොට්ටාව (174) ප්‍රධාන මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
ඊයේ දිනයේ සිට මාර්තු මස 15 වනදා දක්වා ලබා දී ඇති පාසල් නිවාඩුව 7400 ක් පමණ වන පිරිවෙන් ආචාර්ය මණ්ඩලයට නොලැබීමට විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස විරෝධයේ නියැලෙයි.
මේ වනවිට විරෝධතාකරුවන් බත්තරමුල්ල, පැළවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ පිවිසුම ඉදිරිපිට බොරැල්ල-කොට්ටාව (174) මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවයේ නියැලෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |