බෝම්බ පිපිරීමේ හදිසි අවධානමක් ගැන දැනුම්දීමක්..වහාම ප්‍රදේශයක ආරක්ෂාව තරකරයි..
Sri Lanka Police
Sri Lanka
By Aruna
අලවතුගොඩ පොලිස් ස්ථානයට 118 හදිසි දුරකථන අංකය ඔස්සේ තොරතුරක් ලැබී තිබුණේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක බෝම්බ පිපිරීමක් සිදුවීමේ අවදානමක් පවතින බවයි.
2023 අපේ‍්‍රල් 18 වැනි දින ප.ව. 2.45 ට පමණ මෙම ඔත්තුව ලැබී ඇත. ඔත්තුවක් ලැබී ඇතත් මෙම තර්ජනය තහවුරු කිරීමට කිසිදු බුද්ධි වාර්තාවක් ලැබී නොමැති බවයි අලවතුගොඩ පොලිස් ස්ථානය තහවුරු කළේ.
ආරක්ෂිත පියවරක් ලෙස කලාපයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් තහවුරු කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |