වෑන් රථයකින් බෝම්බයක් හමුවෙයි..වෙන්න ගිය මහා විනාශයක් නවතී..
සිද්ධියට පොලිසියේ ලෝකෙක්ටත් වැඩ වරදී කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල කල්ලියේ සාමාජිකයන් සමග බ්ලුමැන්ඩල් ප්‍රදේශයට පැමිණීමේ චෝදනාව මත පමුණුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ ඊයේ (19 වැනිදා) සිට තහනම් කර තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම වැඩ තහනම් කර තිබේ.
රාජකාරි බල සීමාවෙන් පිටතට අනවශ්‍ය ආකාරයෙන් යෑම සම්බන්ධව මෙම නිලධාරියාට එරෙහිව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා යටතේ විමර්ශනයක්ද අරඹා තිබේ.
වෑන් රථයක පැමිණි පාතාල කණ්ඩායම මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට බ්ලුමැන්ඩල් ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම පොලිස් පරීක්ෂකවරයා තවත් වාහනයකින් එම වෑන් රථයට ඉදිරියෙන් ගමන් කර ඇත.
පොලිස් මාර්ග බාධකයේදී තමන් පොලිස් නිලධාරියකු බවට අනන්‍යතාව පෙන්වා පසුපසින් එන වෑන් රථය පරික්ෂාවකින් තොරව එතැනින් යැවීමට මෙම නිලධාරියා කටයුතු කර ඇතැයි චෝදනා නැඟේ.
එම අවස්ථාවේ සැකසිතුණු පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් ජංගම රථයට කළ දැනුම්දීමක් මත මෙම පිරිස පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී පොලිස් පරීක්ෂකවරයා පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති අතර අල්ලාගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස් පරීක්ෂකවරයා ගැන වැඩිදුර තොරතුරු හෙළිවී ඇත.
මෙහිදී වෑන් රථයේ සිටි මිනීමැරුම් හතරකට සම්බන්ධව සිරිගතව සිටි පාතාලයකු අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු සමග වාහනයේ සිටි අපරාධවලට සම්බන්ධ තවත් හයදෙනකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |