මෙරට බෝම්බ පිපිරීමකින් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරේ.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Bomb Blast Bomb Blast
By Aruna Sep 06, 2024 04:30 AM GMT
Aruna

Aruna

Report

මුලතිව්, මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් යුදසමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වලදමා තිබූ බිම්බෝම්බයක් පුපුරා යාමෙන් එම සංවිධානයේ සේවයේ නිරත සේවිකාවන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවට තුනුක්කායි පොලීසිය පවසනවා.

යුදසමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින අදාල රාජ්‍ය නෙවන සංවිධනයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවිකාවන් සිව් දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් සිසුන් විශාල ප්‍රමාණයකට සුවිශේෂී අවස්ථාවක් හිමි වෙයි..ලබන 09 යේ සිට 20 දක්වා අයදුම් කරන්නැයි දැනුම්දෙයි.

පාසල් සිසුන් විශාල ප්‍රමාණයකට සුවිශේෂී අවස්ථාවක් හිමි වෙයි..ලබන 09 යේ සිට 20 දක්වා අයදුම් කරන්නැයි දැනුම්දෙයි.


වලදමා තිබූ බිම්බෝම්බයක් ඉවත් කිරීමට යාමේදී මෙලෙස බෝම්බය පුපුරා ගොස් ඇති බවට පොලීසියට තොරතුරු අනාවරනය වී ඇති අතර, බෝම්බය පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ අදාල කාන්තාවන් සිව් දෙනා මාන්කුලම් මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන තිබේ.