සුදොතුම් පාප් වහන්සේගේ දේහය අද ශාන්ත පීතර බැසිලිකාවට

By Hashini Apr 23, 2025 04:53 AM GMT
Report

 කාසා සැන්ටා මාර්තා දේවස්ථානයේ තැම්පත් කර ඇති ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන ඒමට නියමිතයි.

වතිකානය ඊයේ නිල වශයෙන් නිවේදනය කළේ එහිදී ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බවයි.

88 වන වියේ පසුවු ශුද්ධෝත්තම පියාණන් වතිකාන වේලාවෙන් පෙරේදා උදෑසන ස්වර්ගස්ථ වුණේ, කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිල නිවසේදීයි.

ඊයේ වතිකානය නිල වශයෙන් ප්‍රකාශ කළේ උන්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ හෘදයාබාධ තත්ත්වයක් බවයි.

කාදිනල් මැල්කම් රංජිත් වතිකානය බලා පිටත්වෙයි

කාදිනල් මැල්කම් රංජිත් වතිකානය බලා පිටත්වෙයි

වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස කාදිනල් කෙවින් ෆැරල් හිමිපාණන් මේ වනවිට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනපති ඒම්මානුවෙල් මැක්‍රෝන්, ආර්ජන්ටිනා ජනපති හාවියර් මිලී, යුක්‍රේන ජනපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි ඇතුළුලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් ශුද්ධෝත්තම පියාණන්ට අවසන් ගෞරවය දැක්වීම සඳහා එම අවමංගල උත්සවයට එක්වනු ඇති බවයි.

කෙසේවෙතත් රුසියානු ජනපති වැලැද්මීර් පුටින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල උත්සවය වෙනුවෙන් එක් නොවන බවයි වාර්තාවන්නේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අභාවයත් සමඟ දින නවයක නිල ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ලොව පුරා බිලියන 1.4ක පමණ කතෝලිකයන්ගේ නායකයා ලෙස සැලෙකන ශුද්ධෝත්තම පියාණන්ගේ වියෝව සැලවීමත් සමග බොහෝ පිරිසක් වතිකානයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ. 

ප්‍රබල රික්ටර් මාපාංකයක භූ කම්පනක්

ප්‍රබල රික්ටර් මාපාංකයක භූ කම්පනක්