බස් රථ අනතුරින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ඥාතීන් වෙත
ඊයේ (11) දින රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්ව කොත්මලේ රෝහලින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ආ මෘත ශරීර 04ක් ඥාතීන්ට භාර දීමට පියවර ගෙන තිබෙනවා.
එසේම මේ වන විට එම අනතුරින් තුවාල ලැබූවන් 05 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව නාවලපිටිය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජානක සෝමරත්න මහතා පවසයි.
අනතුරට පත් වූ බස් රථය මේ වන විට කොත්මලේ පොලිස් ක්‍රීඩාංගණයේ ගාල් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (12) දින එම බස් රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති, කතරගම ඩිපෝවේ විමර්ශන නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂකවරයාද පැමිණ තිබෙනවා.
මෙහි දී කොත්මලේ පොලිස් පරීක්ෂක වජිර දේවප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ ඔවුන් බස් රථය පරීක්ෂා කිරීමෙන් පසුව ලබා දෙන වාර්තා ඉදිරි කටයුතුවලට භාවිත කරන බවයි.
එසේම වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් ඔහු පැවසුවේ එතෙක් මෙම අනතුර සම්බන්ධයෙන් එළඹෙන බදාදා දින අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.
