රටම කම්පා කළ කින්නියා අනතුරින් තවත් කතක් මියයි..මරණ ගණන 08 දක්වා ඉහළට.

Accident Kinniya Boat accident
By Aruna Dec 05, 2021 03:52 AM GMT
Report

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි කාන්තාවක් මියයාමත් සමඟ කින්නියා තොටුපළ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අනතුරෙන් පාසැල් දරුවන් ඇතුළු 6 දෙනෙකු ඇතුළු තවත් අයෙකු මීට පෙර මිය ගිය අතර තවත් 20 දෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා.

එම පිරිස අනතුරට ලක් වූයේ කලපුව හරහා ගමන් කරමින් සිටි බෝට්ටුව පෙරලීම නිසා.

අදාල පාලම සාදා නිම වන තුරු කින්නියා නගර සභා විසින් මෙම බෝට්ටු සේවාව දියත් කර තිබුණා.

පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද එම පාලම ඉදිකිරීම සඳහා මුල්ගල් තබා තිබුණද එහි වැඩ කටයුතු ආරම්භ වී තිබුණේ නැහැ.

මෙවර ආණ්ඩුව වෙනුවෙන් ඊට මුල්ගල් තැබූවේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කින්නියා මහ නගර සභාවේ නගරාධිපතිවරයාද ඒ අතර වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now