නිවසකට ප්‍රහාරයක් වෑන් රථයකට හා මෝටර් රථයකට ගිනි…
මුලතිව්, කල්ලපාඩු ප්‍රදේශයේදී විදේශ රැකියාවලට යවන තැරව්කරුවකුට 27 රාත්‍රියේ පහරදී ඔහුගේ නිවස ඉදිපිට නවතා තිබූ මෝටර් රථයකට ගිනි තබා තවත් වෑන් රථයකට පහරදී හානි කිරීමෙන් දෙදෙනෙකු තුවාල ලබා අති බවට මුලතිව් පොලීසිය පවසයි.
කල්ලපාඩු ප්‍රදේශයේ පිහිටි අදාල තැරව්කරුවාගේ නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් ඇතුල් වී අදාල තැරව්තරුට තියුණු ආයුධවලින් පහරදී ඇති අතර පසුව නිවසේ සිටි තවත් අයෙකුටද පහරදී ඇත.
අනතුරුව නිවස ඉදිරිපිට තිබූ වෑන් රථයකට දැඩි අලාභහානි සිදුකොට ඇති අතර තවත් මෝටර් රථයකට ගිනි තබා සම්පූරණයෙන්ම විනාශ කොට එම පිරිස් පලා ගොස් ඇත.
පෞද්ගලික ආරවුලක් පදනම් කරගෙන මෙම පහරදීම සිදු කර ඇති අතර ගැටුමින් තුවාල ලැබු පුද්ගලයන් ප්‍රතිකාර සඳහා මුලතිව් මාංචෝලේ රෝහලට යොමුකොට ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මේ අතර අදාල පහරදුන් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදා මුලතිව් පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |