ඇය මාලිමාවක්.. අද එතුමිය අගය කරාට මම හිතන්නේ නෑ මීට අවුරුදු පනහකට හතළිහකට කලින් මේ ඇගයීම මෙසේම තිබුණා කියලා - දැයෙන් සමුගත් නන්දා මාලනී වෙනුවෙන් බිමල් කට අරී
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(21) දින පාර්ලිමේන්තුවේදී විශාරද නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් සඳහන් කළේ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මිය සිය ගීත කලාව ඔස්සේ මෙරට පරම්පරා ගණනාවකට සමාජ සාධාරණත්වය සහ විමුක්තිය උදෙසා මඟ පෙන්වූ මාලිමාවක් බඳු වූ බවයි.
එසේම තමන් ඇතුළු පිරිස දේශපාලන ව්‍යාපාර සමඟ සම්බන්ධ වීමටත් පෙර, ඇයගේ නිර්මාණ හරහා සමාජ විමුක්තිය සහ යහපත පිළිබඳ මූලික අවබෝධය ලබාගත් බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම නන්දා මාලිනීගේ නිර්මාණ දායකත්වය ජාත්‍යන්තර තලයේ Bob Dylan හෝ Miriam Makeba (Mama Africa) වැනි කලාකරුවන්ගේ භූමිකාවට සමාන කළ හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇයගේ 'සත්‍ය ගීතය', 'හේමන්තය' සහ 'පවන්' වැනි ප්‍රසංග මාලාවන් ජනතා අරගලයේ රාවය බවට පත් වූ බවත් පැවසුවා.
ඇය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරද්දි මුළු රටම පුදුම කළ හෙළයේ ගීතකෝකිලාවිය වූ නන්දා මාලනීගේ අවසන් කැමත්ත මෙන්න
තවද ඇය ගැහැනියක සහ මවක ලෙස පෙන්වූ අභිමානවත් පෞරුෂය මෙන්ම, ප්‍රවීණ කවියන්ගේ නිර්මාණ ගීතයට මුසු කරමින් සිදු කළ 'කිඳුරියකගේ ගෙවිලා' වැනි නිර්මාණ හරහා සමාජයට කළ සදාචාරාත්මක බලපෑම අවධාරණය කළ ඔහු ප්‍රකාශ කළේ,
"ඇය හුදෙක් ගායිකාවක පමණක් නොව, එක්තරා යුගයක ආත්මය නියෝජනය කළ තැනැත්තියක්. 1948 න් පසු මෙරට බිහිවූ සිංහල සුභාවිත සංගීතය පෝෂණය කිරීමට ඇය කළ මෙහෙවර සදාකාලිකයි.. ඇය ගැහැනියක් විදිහට පෙන්නපු මහා දැවැන්ත පෞරුෂයකුත් තියෙනවා. කිසිම දේකට යට වෙන් නැතුව. අද එතුමිය අගය කරා ට මම හිතන්නේ නෑ මීට අවුරුදු පනහකට හතළිහකට කලින් මේ ඇගයීම මෙසේම තිබුණා කියලා. ඒනිසා එතුමිය ගැහැනියක් විදිහට අම්මා කෙනෙක් විදිහට පෙන්නපු මහා දැවැන්ත පෞරුෂයකුත් තියෙනවා. ඒකත් අපි මෙතැනදී මතු කරන්න ඕන හැබැයි එතුමිය ජනරාවය වෙන්නේ කොහොමද? ජන අරගලයේ රාවය වෙන්නේ කොහොමද එතුමියගේ සත්‍යයේ ගීතය ගත්තත් හේමන්තය වගේ ගත්තත් ඊට පස්සේ පවන එන්නේ ඒ හැමදේකම තියෙනවා. ඊටත් ගොඩක් කාලයකට කලින් ඔය උඩඟු ළියන් ගොතා බඳින වගේ ගීත ඒවා සියල්ලම වගේ මම හිතනවා අපේ පරම්පරාවට මාලිමාවක් ඇය. අපි ජනතා විමුක්ති පෙරමුණ හොයාගෙන එන්න කලින් අපිට සමාජ විමුක්තිය සමාජ සාධාරණත්වය යහපත දැන් සිහල ගිනි දණ්ඩේ දමිළ ගිනි උණ්ඩේ ග්‍රෝත්‍රවාදී ඉලක්ක වලකා සිහලුනේ යමවු යාපා පටුනට දමිළයිනි වරෝ රුහුණට, එතුමිය තමයි කිවුවෙ මේ ජාතිවාදී තැන් කොහෙද තියෙන්නේ කියලා සිංහල දෙමළ ඔක්කොම එකතුවෙලා. මම හිතන්නේ ජවිපෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන දේශපාලන ව්‍යාපාර හොයාගෙන යන්න කලින් අපිට අපේ අම්මල ගෙනත් දුන්නු පොත්පත්වලින් අපි යම්කිසි සමාජ විමුක්තියක් සාධාරණත්වයක් ගැන කල්පනා කර කර ඉන්නකොට සත්‍යයේ ගීතය ඇතුළු දේවල්වලින් කුඩා ශිෂ්‍යයන් වෙන්න පුළුවන් හැබැයි අපි ගත්තු දේ තමයි එතුමිය තමයි අපේ මේ මුළු පරම්පරාවටම සමාජ විමුක්තිය ලිබරේෂන් පොලිටික්ස්වල ආත්මය දුන්නේ.." යනුවෙන්.
මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රජය විසින් ප්‍රකාශයට පත් කළ තෙදින ශෝක කාලය පිළිබඳවද සිහිපත් කළ අමාත්‍යවරයා, නන්දා මාලිනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක්ව මෙරට සංගීත ක්ෂේත්‍රයේ තැබූ නොමැකෙන සලකුණට සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතු බවත් සඳහන් කළා.
මේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි - අවු 16 ට වැඩි 18 ට අඩු අය සේවයේ යෙදවීමේදී අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි රැසක්