පෙබරවාරි 01ට පෙර? - ටින් අංකය ලබා නොගන්නා අයට ලොකු දඩයක්.
ටින් අංකය (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය) ලබා නොගතහොත් පෙබරවාරි මස 01වැනිදා සිට රුපියල් පනස් දහසක දඩ මුදලක් අය නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්.නෆීර් පවසනවා.
කෙසේ වෙතත් ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව හුරු කිරීමෙන් අනතුරුව යම් කාලයකට පසුව ඊට අනුකූලව කටයුතු නොකරන්නන්ට විරුද්ධව දඩ නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.
කොමසාරිස්වරයා සඳහන් කරන්නේ, බදු නොගෙවන පුද්ගලයින්ට දඩ නියම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතේ ප්‍රතිපාදන තිබෙන බවත්, ටින් අංකය ලබාගැනීම ප්‍රමාද වූවා යැයි පවසා දඩ නියම කිරීමක් සිදුවන බව ඉන් අදහස් නොවන බවයි.
එමෙන්ම ටින් අංකය ලබාගැනීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය අතර වැඩි උනන්දුවක් පවති බව පවසන කොමසාරිස්වරයා, තවදුරටත් පෙන්වා දෙන්නේ, ටින් අංකය ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් ජනතාව හුරු කිරීම සහ දැනුවත් කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ආරම්භ කර ඇති බවත්, බදු ගෙවිය යුතු පුද්ගලයින් බදු ගෙවීම පැහැර හරින්නේ නම් අවසන් ආයුධය ලෙස දඩ නියම කිරීම සිදුකරන බවත්ය.