ජාතික මාධ්‍යයේ විශාල වෙනසක්...සංස්ථා දෙක වෙන්වෙයි

Report

2023-11-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධ කොට එක් රාජ්‍ය සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ලෙස අනුමැතිය ලබා දී තිබෙනවා.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

එහිදී එවකට පැවති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය මඟින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහීනී සංස්ථාව ඒකාබද්ධ කොට සමාගම් පනත යටතේ රාජ්‍ය සමාගමක් පිහිටුවීම සිදු කළ යුතු අයුරු සම්බන්ධයෙන් තම නිර්දේශ ඉදිරිපත්කර ඇති බව සඳහන්.

එසේ වුවත් මේ වන තෙක් ඒ පිළිබඳව කිසිදු ඉදිරි පියවරක් ගෙන නොමැත.

තවද මෙසේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධ කිරීම අපහසු වීමට හේතු කිහිපයක් බලපා ඇත.

ඒ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එකිනෙකට වෙනස් තාක්ෂණයන් භාවිතා කිරීම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරිවලට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරිවලට අවශ්‍ය වීම, ඒවායේ සම්ප්‍රේෂණ කුලුණු විවිධ ස්ථානවල පැවතීම වේ.

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

මෙම හේතු කාරණා නිසා එකී ආයතන ඒකාබද්ධ කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බවත් පවසයි.

එබැවින් තවදුරටත් මෙම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්වකීය අනන්‍යතාව ඇතිව වෙන් වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඒ විධිමත් උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්මක් තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගෙන මෙම ආයතන පවත්වා ගෙන යාමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමත් සමඟයි.

පෙරේතකමට කෑවා වගේ නෙවෙයි මුදවපු කිරිවලට පුළුවන්...

පෙරේතකමට කෑවා වගේ නෙවෙයි මුදවපු කිරිවලට පුළුවන්...