පෙරේතකමට කෑවා වගේ නෙවෙයි මුදවපු කිරිවලට පුළුවන්...
පස්ගෝ රසවලින් එකක් වුණ මුදවපු කිරි කන්න ඉතින් කැමති නැති කෙනෙක් නෑ කියනවනේ.
කන්න විතරක් නෙවෙයි ලෝකේ සමහර පැතිවල මුදවපු කිරි ගැන විවිධ විශ්වාසත් තියෙනවා කියලා ආරංචි වෙනවා.
ඒකට හොඳම නිදසුන තමයි අපේ අසල්වැසි ඉන්දියාව.
සාමාන්‍යයෙන් ඉන්දියාවේ ජනතාව අලුත් දෙයක් කරන්න කළින් හරි ගමනක් යන්න කළින් හරි මුදවපු කිරි පරිභෝජනය කරනවා කියලා වාර්තා වෙනවා.
එහෙම කළොත් ඔවුන්ට සාර්ථකත්වය සහ යහපත් සෞඛ්‍යයක් ඇති වෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවලු.
ඒ විශ්වාසවලට අමතරව අද වෙන කොට විද්‍යාත්මකවත් හොයා ගෙන තියෙනවා මේ කිරි නිෂ්පාදනවලින් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන බව.
ඒ අතර
ආහාර ජීරණය වැඩි කිරීම
ඔබ ආහාරයට ගන්නා වෙනත් ආහාරවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමට මේ නිසා ඔබේ සිරුරට පහසු වනු ඇත.
ඒ වගේම ආමාශ ආසාදන සුව කරන්නත් මෙයට පුළුවන්.
ප්‍රතිශක්තිය වැඩි කිරීම
සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමට උදව් වෙනවා.
ඒ වගේම දිනපතා ආහාරට ගත්තොත් යෝනි යීස්ට් ආසාධනය වැළකෙනවා.
අස්ථි සහ දත් ශක්තිමත් කිරීම
මුදවපු කිරිවල අස්ථී සහ දත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කැල්සියම් අඩංගු වෙනවා.
ඒ වගේම අස්ථි වර්ධනයට ඕනෙ වෙන කැල්සියම් සමඟ ඒකාබද්ධ වන පොස්පරස්ද අඩංගුයි.
දිනපතා ආහාරයට ගත් විට ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වළක්වා ගත හැකි වෙනවා.
ඉස්හොරි ඉවත් කරයි
ඉස්හොරි කියන්නේ දිලීර ආසාදනයක්. මුදවපු කිරිවල ප්‍රධාන වශයෙන්ම ලැක්ටික් අම්ලය තියෙනවා.
එහි ප්‍රතිදිලීර ශක්තිය ඇති නිසා හිස්කබලට ටිකක් එකතු කර පැයකට පසු සෝදා හැරීමෙන් ඉස්හොරි සුව වෙනවා.
කාංසාව සහ ආතතිය සමනය කිරීම
ආහාරයට කිරි එකතු කර ගත්තොත් අඩු කණස්සල්ලක් සහ අඩු පීඩනයක් දැනෙන බව පවසනවා.
බර අඩු කරයි
කැල්සියම්වලට පුළුවන් ශරීරයේ කොට්ටිසෝල් සෑදීම වැළැක්වීම.
කැල්සියම් නැතිනම් කෝටිසෝල් හි අසමතුලිතතාවයක් ඇති වෙනවා.
එය සාමාන්‍යයෙන් තරබාරුකම හා අධි රුධිර පීඩනය වැනි ගැටළුවලට මඟ පාදනවා.
ඒ නිසා මුදවපු කිරි ආහාරයට ගත්තොත් එවැනි ගැටළු ඇති නොවේ.
කන්තුක වාහිනී(cardiovascular) සෞඛ්‍යය වැඩි කිරීම
දිනපතා පරිභෝජනය කළ විට රැධිරයේ කොලෙස්ටරෝල් අඩුවීම නිසා කිරීටක ධමනි හෘද රෝගවල අවධානම අඩු කරනවා.
සම වැඩි දියුණු කරයි
මුං ඇටපිටි, කිරි සහ ලෙමන් එකට මිශ්‍ර කර ගැල්වීමෙන් කොණ්ඩය සහ සමේ වර්ණය වැඩිදියුණු කර ගන්න පුළුවන්.
හැබැයි හැම හොඳ ද්‍යකම නරක පැත්තකුත් තියෙනවා වගේ මුදවපු කිරිවලත් ගුණ වගේම අගුණත් තිබෙනවා.
ඒ අතර රාත්‍රියට මුදවාපු කිරි ආහාරයට ගැනීම අහිතකර වෙනවා.
මොකද මුදවපු කිරි කියන්නේ සෙම වැඩෙන අහාරයක්. මේ නිසා ශරීරයේ ඇතිබෙන සියුම් ශ්‍රොතස් (සිදුරු) අවහිර වෙනවා.
ඒ නිසා කෑවට කමක් නෑ හැබැයි පමණ දැන ගෙන ආහාරයට ගැනීමෙන් වැඩි වාසි ලබා ගත හැකි බව පවසනවා.
