දැන් මට නිදහසේ ඉදිරියට යන්න පුළුවන්..සමාජ මාධ්‍ය කැළඹූ මාලේ කතාවට වහගෙන හිටපු කට අවසානයේ භානුක අරී
ඉකුත් දිනවල සමාජ මාධ්‍ය පුරාවට දැඩි කතාබහට ලක්වුණු අර්බුදකාරී සිදුවීම ගැන ශ්‍රී ලංකා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ අවසානයේ සිය නිහඬතාවය බිඳ දමා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහුගේ සටහනකින් අඳාළ සිදුවීමේ නිවැරදිම තත්ත්වය කුමක්ද යන්න පැහැදිලි කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් එහිදී භානුක පවසා අත්තේ මෙම ගැටලුව අධිකරණය හමුවේ විභාග වෙමින් පැවති නිසා තමන් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා නොකර නිහඬව සිටීමට තීරණය කළ බවයි.
කෙසේ වුවද මේ වන විට එම සියලු ගැටලු සාර්ථකව විසඳී ඇති බව ඔහු තහවුරු කර ඇත. එහිදී විශේෂම කරුණ වන්නේ, මෙම සිද්ධියට අදාළව ඔහු සන්තකයේ තිබූ බඩු බාහිරාදිය විවෘත අධිකරණයේදීම ඔහු වෙත යළි ලබා දුන් බව භානුක පවසා තිබීමයි.
ඒ අනුව දැන් මෙම ප්රශ්නය අවසන් වී ඇති බවත්, තමන්ට දැන් නිදහසේ ඉදිරියට යාමට අවස්ථාව ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.
"දැන් මට නිදහසේ ඉදිරියට යන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. මගේ සම්පූර්ණ අවධානය දැන් තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සහ මගේ රට නියෝජනය කිරීමටයි." යනුවෙන් භානුක සිය සටහන අවසානයේ සඳහන් කර ඇති බව වාර්තා වේ.
— Bhanuka Rajapaksa (@BhanukaRajapak3) April 24, 2026