චාමර සම්පත් දසනායකට එරෙහි රුපියල් මිලියන 17.3ක අල්ලස් නඩුවේ හදිසි තීරණයක්

Report

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු නියමිත කාලයට පෙර මුදල් ආපසු ගැනීමෙන් රජයට රුපියල් මිලියන 17.3කට අධික පාඩුවක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළේය.

එදිනට ද සැකකරු බන්ධනාගාරගතව සිටින්නේ නම්, බන්ධනාගාර නිලධාරීන් මගින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර ඇති බැවින් නඩුව සඳහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අද (03) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, අද දිනයේ සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා මේ වන විට වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති චෝදනාවලට අනුව, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේදී ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු නියමිත කාලසීමාව අවසන් වීමට පෙර බැංකු ගිණුම්වලින් මුදල් ආපසු ගැනීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 17.3කට අධික මූල්‍ය පාඩුවක් සිදුව තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් චාමර සම්පත් දසනායකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, නඩුවේ ඉදිරි කටයුතු ලබන පෙබරවාරි 09 වැනිදා යළි කැඳවීමට නියමිතය.

විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්

විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්