ප්‍රදේශයක ඔමික්‍රෝන් ආශ්‍රිතයින් ට සෞඛ්‍ය අංශවලින් බරපතළ චෝදනාවක්

srilanka srilankan omicron omicron variant omicron covid variant omicron covid omicron covid-19 variant omicron variant covid covid omicron covid omicron variant
By Gagana Jan 05, 2022 08:30 AM GMT
Gagana

Gagana

Report
Courtesy: adaderana

බේරුවල ප්‍රදේශයෙන් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමුවීමට මැලිකමක් දක්වන බවට සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

අද (05) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, වගකීම් විරහිත ක්‍රියාවලින් රට තුළ පවතින තත්ත්වය තවත් ඉහළ යා හැකි බවය.

ප්‍රශ්නය - ලෝකයේ දෛනික ආසාදිත වාර්තාව ලක්ෂ 10 සීමාව වැඩිම වාර්තා වෙනවා නම්, ලංකාවේ අඩුවෙන් වාර්තාවෙන්නේ PCR හා රැපිඩ් පරීක්ෂණ අඩුවෙන් කිරීම නිසා නේද ?

"නැහැ. අපි අහඹු පරීක්ෂණ සඳහා වෙන්කරපු ප්‍රමාණය ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. කුමන ආකාරයෙන්වත් අඩුකිරීමක් සිද්ධකරලා නැහැ. දැන් ඔමික්‍රෝන් ලංකාවේ තිබෙනවා. මේක පැතිරෙන්නට පුළුවන්. පැතිරුනොත් භයානක ලෙස රෝගීන් සංඛ්‍යාවක් ඔය ඇමෙරිකාවේ, ඉන්දියාවේ වගේ ප්‍රමාණයට එන්න පුළුවන්."

ප්‍රශ්නය - බේරුවල චීනකොටුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් ඔමික්‍රෝන් ආසාදිතයෙක් බව වාර්තා වුණා. නමුත් ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් PCR පරීක්ෂාවට ලක්කිරීමට උත්සාහ කළද කයුරුත් ඊට ඉදිරිපත්වෙන්නේ නැහැ.

"ඒ වගකීම් විරහිත ක්‍රියාවලියන්වලින් තමයි මේ තත්ත්වය මේ ආකාරයට වැඩිවන්නට පුළුවන් වෙන්නේ."

ප්‍රශ්නය - පසුගිය දා බේරුවල මැණික් වෙළෙඳපොළේ ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහනකට ජනතාව ඉදිරිපක් වෙලා නැහැ.

"කිසිම කෙනෙක් බලෙන් ඇදගෙන ගිහින් ඉන්ජක්ෂන් එක දෙන්න බැහැ. රටේ ජනතාවගේ සහාය නොලැබුණ හොත් මුළු රටේම ජනතාව මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවසානයේදී රට වසා දැමීමට සිදුවුණහොත් ඉන් ඇතිවන ආර්ථික පරිහානිය රට ගොඩගන්නට බැරි තරමට නරක අතට යන්න පුළුවන්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now