බියර් සහල් සහ බදු ??? කුමක් වේවිද?
By Akash
අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
සාමාන්‍ය ජනතාවට ආහාර සඳහා ගෙන්වන ලද සහල් කිලෝවකට රුපියල් 65ක බද්දක් පනවා ඇතත් මෙම බියර් සමාගම් සඳහා ගෙන්වන සහල් වලට කිසිදු බද්දක් පනවා නැති බවටද ඔහු චෝදනා කළේය.
මෙවර ජාතික ජන බලවේගය මැයි දින රැළියට පිරිස් සහභාගි කරවූ බස් රථ සඳහාද මුදල් ලබාදීමට එම බියර් සමාගම් කටයුතු කර ඇති බවද ඔහු පැවසුවේය.
පඬුවස්නුවර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙයට පෙරද මේ සම්බන්ධයෙන් විවිධ මත පල වූ අතර ඒ පිළිබඳව නිසි පියවරක් ගෙන නොතිබූ බව සඳහන්.