හන්තාන කන්දෙදි තරුණයන් පිරිසකට බඹර ප්‍රහාරයක්
කොළඹ පස්දෙනෙකුගෙන් සමන්විත තරුණ පිරිසක් හන්තාන කන්ද තරණය කිරීමේදී බඹරුන් ඇනීමෙන් අනතුරකට පත්ව ඇත.
පොලිසිය පවසන්නේ, සවස 4.00ට පමණ හන්තාන කන්දේ ඉහළම කොටසේ සම්ප්‍රේක්ෂණ කුළුණ ආසන්නයේදී ඔවුන් බඹර ප්‍රහාරයකට ලක් වූ බවයි.
එම බඹරුන්ගේ ප්‍රහාරයෙන් කලබල වූ තරුණයන් බේරීම සඳහා විවිධ දිශාවලට දිව යාමක් සිදු කර ඇති අතර, එහිදී අධික මීදුම හා වර්ෂාව හේතුවෙන් ඔවුන් අතරමං වී යාමට ලක් වූ බවද පොලිසිය සඳහන් කරයි.

පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න
අනතුරෙන් පසුව තරුණයන් 119 හදිසි සේවා අංකයට සම්බන්ධව පතුරුවා ඇති දැනුම් මත, මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් දසදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහ යුද හමුදා කණ්ඩායමක් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
එම සෝදිසි මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස රාත්‍රී 9.00ට පමණ හන්තාන ඉහළම කොටසේ සම්ප්‍රේක්ෂණ කුළුණ ආසන්නයේදී තරුණයන් සොයාගත් බව පොලිසිය කියයි. බඹරුන් ඇනීමෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි තිදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.