පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න
උතුරු ඇමරිකාවේ සිදු කරන ලද නම් "PATHFINDER 2" සායනික අත්හදා බැලීමෙන්, පිළිකා 50කට වඩා වැඩි ප්‍රමාණයක් කල්තියා නිරවද්‍යතාවකින් හඳුනාගත හැකි පරීක්ෂණයක් පිළිබඳව අනාවරණය කරගෙන ඇත.
ජර්මනියේ බර්ලීන්හි පැවති ESMO සම්මේලනයේදී මෙම තොරතුරු බටහිර මාධ්‍යවලට ඉදිරිපත් කරන ලදී. 'Galleri' ලෙස හැඳින්වෙන මෙම පරීක්ෂණය, රුධිරයේ සංසරණය වන පිළිකා සෛල මඟින් මුදා හැරෙන DNA කොටස් විශ්ලේෂණය කරනු ලබන බව සඳහන් වේ.
මෙම අධ්‍යයනය ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව තුළ, වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන් 25,000කට අධික පිරිසක් යොදාගෙන සිදු කරන ලදී. පරීක්ෂණයෙන් හඳුනාගත් නව පිළිකා රෝගීන්ගෙන් 53.5%ක් මුල් අවධියේ (I හෝ II) අනාවරණය වී තිබේ.
අවධානයට ලක් විය යුතු තවත් විශේෂත්වයක් වන්නේ, පිළිකා නොමැති පුද්ගලයින්ගේ ප්‍රතිඵල ඍණ ලෙස නිවැරදිව හඳුනා ගැනීමේ නිරවද්‍යතාව 99.6%ක් ලෙස වාර්තා වී තිබීමයි.
තවත් විශේෂත්වයක් වන්නේ, රෝගීන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක පිළිකාව ආරම්භ වූ ඉන්ද්‍රිය හෝ ස්ථානය මෙම පරීක්ෂණයෙන් නිවැරදිව හඳුනා ගැනීමට හැකි වීමයි.
මෙම නව තාක්ෂණය මඟින්, රෝග ලක්ෂණ මතු වීමට පෙර පිළිකා හඳුනාගැනීම සිදු කර, රෝගීන්ගේ දිවි රැක ගැනීමේ අනුපාතය ඉහළ නැංවීමට සහ මිල අධික, සංකීර්ණ ප්‍රතිකාර අවශ්‍යතාවය අඩු කිරීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරනවා.
මෙහිදී වසර 3ක් දක්වා රෝගීන් දිගටම නිරීක්ෂණය සිදු කෙරෙන අතර, එමඟින් රුධිර පරීක්ෂණයේ දිගුකාලීන ආරක්ෂාව සහ සඵලතාවය පිළිබඳ තවත් තොරතුරු ලබාගැනීමට හැකි වේ.