කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනීමක්

Report

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී ඇති බවට වාර්තා වේ.

කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් අද (19) ප.ව. 6.45ට කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර පීලිපැනී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයට ගසක් සහ පස් කණ්ඩියක් කඩා වැටී ඇති අතර, එම දුම්රියේ එක් රෝදයක් පමණක් පීලිපැනීමට ලක්වී ඇත.

ඒ අනුව, කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව කොස්ගම දක්වා පමණක් සීමා කිරීමට කටයුතු කර ඇත.

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා