වායු රයිපලයෙන් තාත්තා පුතාට වෙඩි තියලා

Report

වායු රයිපලයක් භාවිතයෙන් පුතා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ ආඩිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි පියකු පල්ලම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, පියා සහ පුතා අතර කලක සිටම නිවසේදි නිතර බහින හා ආරවුල් ඇතිවන බවයි. මෙම මතු වූ බහින අවස්ථාවේදී පියා සිය පුතාට වායු රයිපලයෙන් වෙඩි තබා තිබේ.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ, ආඩිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.

තුවාල ලැබූ සිසුවා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට මාරුකර ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න

පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න