ඉෂාරට තක්ෂිව හමුවුණු විදිහ හෙළි වේ - තක්ෂිවත් රවට්ටලා

Report

නේපාලයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු තිදෙනෙකු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර ලැබී තිබෙනවා.

ඒ අනුව ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි ඊයේ (19) කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

ඒ අනුව සංජීවගේ ඝාතනයෙන් පසු දින කිහිපයක් සැඟව සිටි බව කියන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා එලෙස රැගෙන ගොස් ඇත.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් පරිදි ඉෂාරාගේ රුවට සමාන රුවක් ඇති තරුණියක් සොයමින් සිටින අතරතුර ජැෆ්නා සුරේෂ්ට 'තක්ෂි' නැමැත්තිය හමුව ඇති බව වාර්තා වේ.

ඇයට සිංහල භාෂාව නොහැකි අතර රැකියාවක් සඳහා විදේශගත කරවන බව පවසමින් සුරේෂ් ඇයව නේපාලනයට රැගෙන ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

මේකට අහුවෙන්න එපා - ලිට්‍රෝ ගෑස් මිල ගැන විශේෂ දැනුවත් කිරීමක්

මේකට අහුවෙන්න එපා - ලිට්‍රෝ ගෑස් මිල ගැන විශේෂ දැනුවත් කිරීමක්


ඒ අනුව තක්ෂි නැමැත්තිය කිසිවක් නොදැන නේපාලයට රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.