නියර බඳින්න කුඹුරට ගිය පුද්ගලා අබිරහස් ලෙස මිය ගිහින්
පොල්පිතිගම කුඹුකුලෑව ප්‍රදේශයේ කුඹුරක පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
වාර්තා අනුව, මෙම පුද්ගලයා නියර බැඳීමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සොයා බැලීමක් සිදු කරද්දී කුඹුරේ ඔහුගේ මළ සිරුර හමුවී ඇත.
පොලීසිය සඳහන් කළේ, පුද්ගලයා කුඹුරේ මුණින් අතට වැටී මියගොස් සිටින බවයි.
මෙම පුද්ගලයා 59 හැවිරිදි වන අතර, මහවැව පාර, කුඹුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.