අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය හෙට විවෘත වේ

Report

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබේ. පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ විවෘත කෙරෙන බව සඳහන් වේ.

මෙම නව කොට්ඨාසය 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධිවිධාන ප්‍රකාර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පිහිටුවා ඇත. ඒ මගින් නීතිවිරෝධී ලෙස මුදල්, දේපොළ සහ වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය සිදු කෙරේ.

මෙය කොට්ඨාසය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අතර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුද පත් කර තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා වසර 03ක කාලයක් මෙම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇති අතර, එම පත්වීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ සිදු කර ඇත.

පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න

පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න

අසංග කරවිට මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි.

මෙම කොට්ඨාසය සඳහා මහජනතාවට සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව ඇති අතර, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමටද බලය මෙම කොට්ඨාසයට හිමිව ඇත.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා