අදට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
ශ්‍රී ලංකා දුම්රිය සේවය මඟින් අද (19) දින ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුවූ බව ප්‍රකාශ කරයි.
ඊට හේතුව ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද දින සිදුවූ දුම්රිය පීලි පැනීම බව දක්වා ඇත.
මෙසේ අවලංගු කර ඇත්තේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත ව තිබූ රාත්‍රී තැපැල් දුම්රියයි.
[M5IGYU7
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණා.
ඒ අනුව පවතින අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගය ආසන්නේ සුළු නායයෑම් තත්ත්වයක් හට ගෙන ඇති අතර එබැවින් මෙසේ මෙම පීලීපැනීම සිදුව ඇති බව සඳහන්.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රියේ එක් මැදිරියක් පිලී පැනීමට ලක්ව තිබෙන අතර එය පීලීගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවයි.