උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්
By Mithu
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පීලි පැනීමක් හේතුවෙන් බාධා වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලි පැනීමකට ලක්වී ඇති බවයි.
දුම්රියේ එක් මැදිරියක් පිලී පැනී ඇති අතර, එය පිලිගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැන් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව, පිලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බවද නිවේදනයෙන් පවසනවා.