අද රෑ 8.24ට අහස බලන්න - ලෝකවාසීන් මඟ රැකපු පියවි ඇසින් දැකගත හැකි බීවර් මූන් සුපිරි සඳ අද රාත්‍රියේ

Report

නොවැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා සුපිරි සඳක් වශයෙන් දැකගැනීමේ අවස්ථාව මේ සතියේ ලෝකවාසීන්ට හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව මෙම සුපිරි සඳ අද (24) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.24ට උපරිම පූර්ණත්වයට පත්වන බව EarthSky වෙබ් අඩවිය සඳහන් කරන බව සඳහන්.

මෙම වසරේ කුඩාම පූර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව එය 17%කින් විශාලව සහ 30%කින් දීප්තිමත්ව දිස්වන බව නාසා ආයතනය ප්‍රකාශ කරයි.

එමෙන්ම 'බීවර් මූන්' (Beaver Moon) වශයෙන් හඳුන්වන මෙම පූර්ණ චන්ද්‍රයා අඛණ්ඩව දිස්වන සුපිරි සඳ තුනක පළමුවැන්න වීම ද විශේෂත්වයක් වේ.

චන්ද්‍රයා සිය කක්ෂයේ පෘථිවියට ආසන්නව ගමන් කරන අවස්ථාවක පූර්ණ චන්ද්‍රයා දිස්වීම මෙසේ සුපිරි සඳක් වශයෙන් හඳුන්වනු ලබනවා.

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

එමෙන්ම විශේෂ උපකරණ භාවිතයකින් තොරව පියවි ඇසින් මෙම දර්ශනය නැරඹිය හැකි අතර, හිරු බැස යාමෙන් පසු ක්ෂිතිජයට ආසන්නව චන්ද්‍රයා දිස්වන අවස්ථාව එය නැරඹීමට වඩාත් සුදුසු බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

එමෙන්ම මෙම වසරේ විශාලතම සහ දීප්තිමත්ම සුපිරි සඳ දෙසැම්බර් 23 වැනි දින දැකගත හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර 2027 වසරේ පළමු සුපිරි සඳ ජනවාරි 22 වැනිදා දිස්වීමට නියමිත බව සඳහන්.

කෙසේ වුවද සුපිරි සඳක් සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයෙකුට වඩා තාක්ෂණිකව විශාල හා දීප්තිමත් වුවද, වෙනස සාමාන්‍යයෙන් පියවි ඇසින් වෙන්කර හඳුනා ගැනීම දුෂ්කර වේ.

ඒ අනුව තාරකා විද්‍යා ප්‍රකාශනයක් වන බීබීසී ස්කයි ඇට් නයිට් මැගසින්ට අනුව, බීවර් සුපර්මූන් හිරු බැස යෑමේදී නැගෙනහිර අහසේ නැඟී උතුරු අර්ධගෝලයේ නිරීක්ෂකයින් සඳහා දකුණු අහස හරහා ගමන් කර, අලුයම පමණ බටහිරින් බැස යනු ඇති බව සඳහන්.

තෙල් මිල ගැන ලෝකෙටම සුබ ආරංචියක් - අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම අගය දක්වා මිල ගණන් පහළට

තෙල් මිල ගැන ලෝකෙටම සුබ ආරංචියක් - අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම අගය දක්වා මිල ගණන් පහළට

එසේම චන්ද්‍රයා ප්‍රමුඛ තරු පොකුරු දෙකක් වන ප්ලෙයියඩ්ස් සහ හයිඩ්ස් අසල ද දිස්වුවත් එහි දීප්තිය නිසා ඒවා නිරීක්ෂණය කිරීම වඩාත් අපහසු විය හැකි බව වාර්තා වේ.

එබැවින් වඩා හොඳට නැරඹීමේ අත්දැකීම සඳහා, අහස නිරීක්ෂකයින්ට පැහැදිලි නැගෙනහිර ක්ෂිතිජයක් සහිත ස්ථානයක් සොයාගෙන හිරු බැස යෑමෙන් ටික කලකට පසු නැගෙනහිර දෙසට බැලීමට උපදෙස් දී ඇත.

එමෙන්ම ක්ෂිතිජයට ආසන්නව චන්ද්‍රයා විශේෂයෙන් විශාල හා තැඹිලි පැහැයෙන් දිස්විය හැකි අතර එය චන්ද්‍ර මායාව සහ වායුගෝලීය තත්ත්වයන් සමඟ සම්බන්ධ දෘශ්‍ය ආචරණයක් වේ.  

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න