බීකරයක් පුපුරා පාසලක දරුණු අනතුරක්
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක සිදුකළ විද්‍යා පරීක්ෂණයක් අතරතුර බීකරයක් පුපුරා යෑමෙන් ගුරුවරියක් සහ සිසුවියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මෙම අනතුර අද (23) සිදුව ඇති අතර, තුවාල ලැබූවන් දියතලාව මූලික රෝහලට සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 48ක් වන ගුරුවරියක් සහ 16 හැවිරිදි එකොළොස්වන ශ්‍රේණියේ සිසුවියන් දෙදෙනෙකු බව සඳහන් වේ.
ඉදිරි දින 10 තීරණාත්මකයි - ගෑස් ප්‍රවාහය අවසන් - ගල්ෆ් උණුසුමෙන් තෙල්වලට වඩා ලොකු ප්‍රශ්නෙකින් ලෝකෙම කැළඹෙයි
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විද්‍යා පාඩමක් සඳහා සිදුකළ පරීක්ෂණයකදී රත් කරමින් තිබූ කොන්දීසිත බීකරයක් පුපුරා යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බණ්ඩාරවෙල පොලිසිය විසින් සිදුකරමින් පවතී.