විපතට පත් වුණ අයට බෙදන මුදලුත් ගසාකන අමනුශ්‍යයොත් ඉන්නවලු

Report

මෙරටට කවුරුත්ම නොසිතූ විරූ විදිහට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් නාය යෑම් , ගංවතුර ආදී ආපදා තත්ත්වයන් නිසා බොහෝ පිරිසකගේ දිවි අවහිමි වුණා . ඒවගේම තවත් පිරිසක් තවමත් සහනාධාර කදවුරුවල . ඉතිං අපේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම පිළිබිඹු කරමින් එකාවන්ව සියළු දෙනා එකතු වෙලා විපතට පත් වූ අයට සහන දෙනවා. ඒකට social media හරහා ලොකු බලපෑමක් සිද්ධ වුණා . එක පෝස්ට් එකක් උදව් ඉල්ලලා කවුරු හරි දැම්මොත් ඒ තැනට ගිහින් උදව් කරනවා. ඒ තමයි අපේ රටේ මනුෂ්‍යයින්ගේ එකමුතුකම . විපතට ලක්වුණ අපේ අයට ජීවිතේ නැගිටින්න හැමෝම එකතු වෙලා මාර ශක්තියක් වෙන්නේ. ඉතිං බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ පුද්ගලයන් හරහා පණිවිඩ ලබා දෙනවා දැක්කා. ඇත්තටම ඒක හොද වැඩක් . මොකද ඒ හරහා ගොඩක් දෙනෙක්ට පණිවිඩේ දෙන්න පුළුවන්.

ගොඩක් youtubers ලා මේ තමන්ට ආදරය කරන මිනිස්සු එක්ක පාරට බැහැලා විපතට පත් වුණ අය වෙනුවෙන් උදව් කරන්න පටන් ගත්තා. ඇත්තටම මහා ගංවතුරේ තමන් ගැනවත් නොසිතා ඔවුන් උදව් කරන්න පටන් ගත්තා. යන්න අපහසු තැන් වලට පවා ගිහින් උදව් කරා. ඒක ගොඩක් මේ වෙලාවෙ වටින වැඩක්. සමාජ මාධ්‍ය හරහා ඔවුන් බැණුනුත් අහගන තමා මේ විදිහට වැඩ කළේ. මොකද ඔවුන්ට ගොඩක් චෝදනා එල්ල වුණා ඔවුන් සමාජ මාධ්‍ය හරහා රීච් ගන්න තමයි මේ වැඩ කරන්නේ කියලා .ඒත් හදවතින්ම අපේම මිනිස්සු වෙනුවෙන් පාරට බැහැලා වැඩ කරන අයට ඒවගේ දේවල් කියන්න එපා. කීබෝඩ් වීරයෙක් නොවී ඔයත් මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගන්න. ඒ මිනිස්සුන්ගේ කතාවක් අහල බලන්න මොනතරම් හදවත රිදෙනවද කියලා. මේ වෙලාවේ මිනිස්සු පාරට බැහැලා තමන් ගැනවත් නොසිතා කරන උදව් ගැන කතා කරන්න. ලේ බැංකුවේ ලේ හිගයි කියලා පෝස්ට් වැටුණා. අපේ මිනිස්සු පෝලිමේ ගිහින් ලේ දීපු හැටි කතා කරන්න. කොහොමද මේ තරම් ඉක්මනට මෙච්චර බඩු එකතු වුණේ කියලා හිතලා බලන්න.දකුණේ අයට එක පණිවිඩයයි දුන්නේ බෝට්ටු අරන් මිනිස්සු බේර ගන්න ආවා . ඒව ගැන කියන්න.

විපතට පත් වුණ අයට බෙදන මුදලුත් ගසාකන අමනුශ්‍යයොත් ඉන්නවලු | Be Humane Don T Exploit Relief Aid

ඒ වගේම අපිට දැන් ආරංචි වෙනවා සමහර හොරකම් ගැන. අනේ අසරණ වුණ මිනිස්සුන්ට දෙන දේ හොරා කන අමනුශ්‍යයෙක් වෙන්න එපා. ඒවා හරිම අප්‍රසන්න වැඩ. ඒවගේම ඔයා මුදල් ආධාර දෙද්දී ඒ පුද්ගලයා ,ඒ ආයතනය මේ වැඩේ විනිවිදව කරනවද බලලා දෙන්න. ඒවගේම රජයෙනුත් මුදල් ආධාර ලබාගන්නවනේ . ඔයාට ප්‍රශ්නයක්  මතුවෙනවනම් රජයට ආධාර ලබා දෙන්න. ඉතිං ආපදාවෙන් විපතට පත් මනුෂ්‍යයින්ට හදවතින්ම උදව් කරන්න කැපවෙන මිනිස්සු අතරේ මේවගෙ අමනුශ්‍ය අයත් ඉන්න පුළුවන්. මේක මුළු රටම එකට ගොඩ යන්න ඕනෙ ව්‍යසනයක්

මේවගේ වෙලාවක ඒ වගේ පෞද්ගලික ලාභ ගැන නොහිතා අපේම රටේ විපතට පත් වුණු මිනිස්සුන්ට සරණක් වෙමු.  

ආපදාවෙන් අසරණ වූවන්ට රජයෙන් තවත් රුපියල් 50000ක් - ලැබෙන්නෙ මෙහෙමයි

ආපදාවෙන් අසරණ වූවන්ට රජයෙන් තවත් රුපියල් 50000ක් - ලැබෙන්නෙ මෙහෙමයි

[

ආධාර බෙදන්න ගිය මුතුගල සර්ට මල පනියි - කියන්න ඕනි ටික මුණටම කියයි

ආධාර බෙදන්න ගිය මුතුගල සර්ට මල පනියි - කියන්න ඕනි ටික මුණටම කියයි

]