ප්‍රවේශම් වෙන්න. යුද හමුදාවෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්. ( VIDEO)

By Wayomi Jul 14, 2022 07:29 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (13) සවස බත්තරමුල්ල පොල්දූව හංදියේ ඇති වු නොසන්සුන්තාව අතරතුර ප්‍රකෝප වු පිරිස් එහි ආරක්ෂාවට කැඳවා සිටි හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දී බරපතල තුවාල සිදු කර තිබෙනවා.

පසුව ඔවුන් සතුව තිබු ටී 56 ගිනි දෙකක් පැහැගෙන ගොස් ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසන්නේ.

කිසියම් පිරිසක් විසින් එම සෙබළුන් දෙදෙනාගේ හිසට හා මුහුණට අමානුෂික යකඩ පොලු වලින් පහර දී බරපතල තුවාල සිදු ඇති බවත් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

කෙසේ වෙතත් හමුදා සෙබළුන් දෙදෙනාගේ ගිනි අවි දෙක සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, එය භාවිතා කරමින් ඉදිරියේ කිසියම් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවත්, ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසටත් හමුදා ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරනවා.  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW