ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් විවාදය අද (VIDEO)(LIVE)
ආන්දෝලනාත්මක බටලන්ද නිවාස යෝජනා ක්රමය තුළ නීති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වීමට නියමිතය.
දින දෙකකින් යුත් මෙම විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
මෙම කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු 14 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කොමිෂන් සභා වාර්තාවට අදාළ දෙවන දින විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දන්වා ඇත.
අද දින විවාදයෙන් පසුව, පාර්ලිමේන්තුව 2025 මැයි 08 වන දින දක්වා කල් තැබීමට නියමිතය.