වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සියලුම සුරාසැල් වසා දමයි..
සුරාසැල් වැසෙන හේතුව මෙන්න දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (03) දිනයේ දී වසා තැබෙනු ඇත.
ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.
ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වන අද දිනට යෙදී තිබීම මීට හේතුවයි.
මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වන බව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන් වේ.
මේ අතර පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල මෙම මස සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
මහරගම මාදිවෙල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ පළමුව ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර ජාතික ප්‍රවාහන ආයතනයේ සේවාවන් හෙට සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ පැවසුවේ සේවා ලබාගන්නා පුද්ගලයින් කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණිය යුතු බවයි.
ඒ සදහා ඕනෑම ජංගම දුරකතන ජාලයකින් අංක 223 ඇමතීමෙන්, ස්ථාර දුරකතන මගින් අංක 1225 ඇමතීමෙන් හෝ සිය වෙබ් අඩවියට පිවිසීමෙන් එක්විය හැකි බවයි ඔහු පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |