ඇමරිකාවේ ප්‍රධාන බැංකු 02ක් හදිසියේ කඩා වැටෙයි...ලංකාවටත් රතු එළියක්?.
අමෙරිකාවේ ආර්ථිකය ද යළි අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. ඒ, එරට බැංකු පද්ධතිය සම්බන්ධයෙන් මතුවූ තත්ත්වයයි.
ඒ අනුව අමෙරිකානු මහ බැංකුව තීරණය කර ඇත්තේ, නැවතත් එරට පොළී අනුපාත ඉහළ දැමීමටයි.
මෙමඟින් එරට බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම අමෙරිකානු මහ බැංකුවේ අරමුණයි.
කෙසේවෙතත් බැංකු පද්ධතියේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් එරට ආර්ථික වර්ධනයට ඉදිරි මාස කිහිපයේදී බලපෑ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමෙරිකානු බැංකු දෙකක් මේ මාසයේදී කඩා වැටුණා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එරට පවතින අස්ථාවර මුල්‍ය තත්ත්වයයි.
මෙලෙස කඩාවැටී ඇත්තේ සිලිකන් සහ සිග්නේචර් යන එරට ජනප්‍රිය බැංකු දෙකක්. ඉහළ පොලී අනුපාත හේතුවෙන් මතුවූ ගැටළුකාරී තත්ත්වයත් සමඟ බැංකුවල කොටස් මිල කඩා වැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය සතියේ යුරෝපා මහබැංකුවද සිය ප්‍රධාන පොලී අනුපාතය ඉහළ නංවා තිබෙනවා.
එංගලන්ත බැකුවද ඉදිරියේදී පොළී අනුපාතය ඉහළ නංවනු ඇති බවටයි අනුමාන කර ඇත්තේ.
ඒ, එරට උද්ධමනය ඉකුත් පෙබරවාරි මාසයේදී අනපේක්ෂිත ලෙස ඉහළ යාම හේතුවෙන්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
