බංග්ලාදේශයෙනුත් ICC ට තද තීරණයක් - ICCට ලොකු පාඩුවක්

Report

එළඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර සිටින බංග්ලාදේශය, සිය තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස කළ ඉල්ලීමෙහි තවදුරටත් දැඩිව සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් පැනවූ පැය 24ක කාලසීමාව අවසන් වුවද බංග්ලාදේශය සිය තීරණය වෙනස් කර නොමැත. එනිසා ඔවුන්ට මෙවර ලෝක කුසලානය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇත.

මෙම තීරණය බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල්, ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් සහ ජාතික කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව නිවේදනය කර ඇත.

ICC එකෙන් දැනුම්දීමක් - T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය අයින් වෙයිද?

ICC එකෙන් දැනුම්දීමක් - T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය අයින් වෙයිද?

ඒ අනුව බංග්ලාදේශයේ ඉල්ලීම නම්, සිය තරග ශ්‍රී ලංකාවට මාරු කරන ලෙසයි.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේ,

"ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමේ අපේ සැලසුම නැවතත් ICCය වෙත ඉදිරිපත් කරනවා.පැය 24ක කාලයක් දීලා තියෙනවා කියලා කිව්වත්, ගෝලීය ආයතනයකට එහෙම කරන්න බෑ. බංග්ලාදේශය ඉවත් වුණොත් ලෝක කුසලාන නැරඹීමට සිටින මිලියන 200කට අධික ජනතාවක් ICCට අහිමි වෙනවා. ඒක ICCට පාඩුවක්" යනුවෙන්.

පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්

පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි