බංග්ලාදේශයේ මහ මැතිවරණය සාමකාමීව අවසන් වේ

By Mithu Feb 12, 2026 03:21 PM GMT
Report

බංග්ලාදේශයේ 13 වන මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (12) පස්වරුවේ අවසන් වී තිබේ.

2024 වසරේ පැවති ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලයෙන් පසු, අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ වසර 15 ක ධුර කාලය අවසන් වීමත්, අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ මෙම මහ මැතිවරණය පැවැත්වීමත් විශේෂත්වයක් වී තිබේ.

මෙම මැතිවරණය සඳහා, මැතිවරණ කොට්ඨාස 299ක් පුරා ඡන්දදායකයින් මිලියන 127ක් පමණ සුදුසුකම් ලබා තිබුණු බව සඳහන් වේ.

එමෙන්ම මෙවර මහ මැතිවරණය සාමකාමී අයුරින් පැවති බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධානී සහ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර තිබේ.

වෙන කෙනෙක්ගේ හැඳුනුම්පතක් අරගෙන ආවොත් වැඩ වරදී - තරුණයෙක් අත්අඩංගුවට

වෙන කෙනෙක්ගේ හැඳුනුම්පතක් අරගෙන ආවොත් වැඩ වරදී - තරුණයෙක් අත්අඩංගුවට

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර