ඉදිරි සති දෙකේ ලංකාවේ පෙරළියක්...කරන්න යන දේ මෙන්න.

Bandula Gunawardane Sri Lanka
By Aruna Jun 06, 2022 04:34 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ජුනි මස 15 දින සිට ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .

වර්තමානයේ රට තුළ පවතින පොදු ප්‍රවාහන ගැටළු වලට කඩිනම් විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍යාංශයට අයත් ආයත ප්‍රධානීන් හා විද්වතුන් සමඟ සාකච්ඡාවක් ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ඉන්ධන අර්බුදය හා උද්ධමනය හමුවේ ඉහළ යන ජීවන වියදම තුළ මඟී ජනතාව මුහුණ දෙන ප්‍රවාහන ගැටළු සඳහා පිළියමක් වශයෙන් කෙටි කාලයක් තුළ ගත යුතු ක්‍රියාමාර්ග රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

ඒ අනුව, එදිනෙදා කටයුතු සඳහා ප්‍රවාහන මාධ්‍ය භාවිතය මෙන්ම, කාර්යාලයීය දුම්රිය හා බස් රථ සේවා, පාසල් සිසුන් ප්‍රවාහන කටයුතු මෙන්ම අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීම සඳහා වන (ගිලන රථ ආදිය) ප්‍රවාහන සේවා දින කිහිපයක් තුළ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තීරණ මෙහිදී ගනු ලැබිණි.

ඒ අනුව, මෙම මස 15 වැනි දින වන විට අංශ කිහිපයක් යටතේ ප්‍රවාහන කටයුතු වැඩිදියුණු කිරීමට තීරණය කෙරිණි.

1. මංතීරු නීතිය වඩා ඵලදායී ලෙස නැවත ක්‍රියාත්මක කිරීම.

2. කඩවත, මාකුඹුර, කටුබැද්ද බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව park and ride සේවා ආරම්භ කිරීම.

3. පා පැදි භාවිතය ප්‍රචලිත කිරීම හා පාපැදි භාවිතා කරන්නන් සඳහා වාහන වැඩි මාර්ග වෙනුවට සමාන්තර මාර්ග හඳුන්වා දීම.

4. නව කාර්යාලයීය දුම්රිය ඇතුළු නව දුම්රිය ගමන් වාර ආරම්භ කිරීම.

5. බස් රථ සඳහා වෙන් කරමින් බැස්ටියන් මාවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ලබා දීම.

6. දැනට ධාවනය වන දුම්රිය සඳහා වැඩි මැදිරි සංඛ්‍යාවක් එක් කිරීම.

7. පානදුර, රාගම ඇතුළු හඳුනාගත් දුම්රිය ස්ථාන ආශ්‍රිතව park and ride සේවාව ක්‍රියාත්මක කිරීම.

8. සිසුසැරිය හා ග්‍රාමීය සේවා සඳහා නව බස්රථ ලබා දීම.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now