ලංකාව බංකොලොත් වෙන්න යන්නේ.. බේරුමක් නෑ - බන්දුල ගුණවර්ධන කී කතාව (VIDEO)
sri lanka
politics
Sri lanka
bandula gunawardhana
By Sithumi
ශ්‍රී ලංකාව ගමන් කරමින් ඇත්තේ බංකොලොත් රාජ්‍යයක් වෙත බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. 2029 වසර අනතුරු කිසිවෙකුට ඔළුව උස්සන්න හැකියාවක් නැති බවත් ඔහු පවසයි. දෙරණ නාලිකව සමඟ පැවති සාකච්ඡාවකදී එහි මාධ්‍යවේදියා සහ අමාත්‍යවරයා අතර සිදු වූ සංවාදය මෙසේය.
මාධ්‍යවේදියා – මූඩිස් ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව CAA1 ඉඳන් CAA2 දක්වා අපේ ශ්‍රේණිගත කිරීම් පහළ ගිහින් තියෙනවා. තව දෙකක් පල්ලෙහාට ගියොත් ඒ කියන්නේ බංකොලොත්.අපි මේ යමින් ඉන්නේ බංකොලොත් රාජ්‍යයක් වෙන තැනකටද ?
ඇමතිවරයා – බේරගන්න ඕනේ, යමින් ඉන්නේ එතනට. 2029 වෙනකන් කාටවත් ඔලුව උස්සන්න වෙන්නේ නැහැ. අලුත් මුදල් ප්‍රවාහයක් ඇතිකරගත්තේ නැත්නම්. නැත්නම් මොනවා හරි කරලා ආයෝජන ටිකක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් විකුණනන්න ඕනේ. ඒත් විකුණන්න අපිට වත්කම් නැහැ
අදාළ වීඩියෝ පහතින් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |