ජනතාවට දේශීය යට ඇඳුම් සැපයීමේ වගකීම අපි ගන්නවා - වෙළෙඳ අමාත්‍ය බන්දුල

sri lanka politics Bamdula gunawardhana bandula gunawardhana family
By Sithumi Sep 11, 2021 06:11 PM GMT
Sithumi

Sithumi

Report

පසුගියදා භාණ්ඩ 623 ක් සම්බන්ධ මහ බැංකුව පැනවූ නියමයන් අනුව දැන් රටේ වැඩි වශයෙන් කතාබහක් ඇතිවී තිබෙන්නේ යට ඇඳුම් විදේශ වලින් ගෙන්වීම ගැන බවත් ඒ අඩුව කවදාවත් ඇති නොවන ලෙස දේශීය වශයෙන් යට ඇඳුම් අඩුවක් නැතිව සැපයීමේ වගකීම තමන් ගන්නා බවත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන අද (11) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුඳුර මහතා, ඇඟළුම් ව්‍යවසායිකා සෙන්වින් අධිපති ටානියා අබේසුන්දර මහත්මිය, ටිප්ටොප් අධිපති අමීන් බයිලා මහතා ද සහභාගී විය. දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දී ඇති නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ණයවර ලිපි ආන්තිකය ඉහළ නැංවීමේ උපක්‍රමය භාවිතා කර තිබෙන නමුත් බදු ප්‍රතිශතය වැඩි කිරීමක් සිදු කර නොමැති නිසා භාණ්ඩ වල මිළ වැඩිවීමක් හෝ ආනයනය සඳහා ගැටළුවක් මතුනොවන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ණයවර සඳහා මුළු වටිනාකමම තැන්පත් කිරීම සිදුව ඇති පසුබිමක දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාවක් උදාවී ඇති බව ඔහු අදහස් දැක්වීය. විපක්ෂය විසින් මෙම ඇඟළුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රචාර සිදු කරනු ලබන බව කී ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයට නොලද අවස්ථාවක් ලබා දෙමින් වර්තමාන රජය විසින් දේශීය නිෂ්පාදන දිරිගැන්වීම අගය කළ යුතු බව කීය.

ශ්‍රී ලංකාවේ යට ඇඳුම් කර්මාන්තකරුවන් සියල්ල ඒක රාශී කරගෙන නුදුරේදීම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය යාබද ගොඩනැගිල්ලේ යට ඇඳුම් සල්පිලක් පවත්වන බවද ඇමතිවරයා මෙහිදී පැවසීය