මම චිත්‍රපට හදන්නේ ලාභ ලැබීමට නෙවෙයි, අපේ රටේ සිනමාවට අතහිත දිය යුතු නිසා පිරිසිදු චේතනාවෙන්-බන්දුල ගුණවර්ධන

Bandula Gunawardane
By Sithumi Apr 17, 2023 06:32 PM GMT
Sithumi

Sithumi

Report

මහාචාරිය ආරියරත්න ඇතුගලයන් විසින් රචනා කරන මේ දිනවල රිදී තිරයෙන් දිස්වන ‘සහෝ’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධනය.

ඒත් එක්කම වර්තමානයේ ප්‍රවාහන අමාත්‍ය ධුරයත්, ජනමාධ්‍ය අමාත්‍ය ධුරයත්, හොබවන ඔහු චිත්‍රපට නිෂ්පාදනයට අතගැසුවේ ‘සහෝ’ චිත්‍රපටයෙන් නම් නොවේ. ඊට කලින් 70 දශකයේදී එවකට බන්දුල ගුණවර්ධන යනු ශ්‍රී ලංකාවේ ටියුෂන් අධ්‍යාපනයේ සිටි ප්‍රවීණයෙකි. එමෙන්ම ඔහුගේ ආර්ථික විද්‍යා පංතිවලට සිසුන් සහභාගී වූයේ දහස් ගණනිනි. 

  ඉතින් 70 දශකයේ නිදහස් ආර්ථිකයත් සමග ව්‍යාපාරිකයන් වෙනත් ලාභදායී ව්‍යාපාරවල ආයෝජනය කිරීමට පෙළැඹීම නිසා එතෙක් වැඩී තිබූ දේශීය සිනමාව, යම් බිදවැටීමකට ලක්වෙනවා. මේ අවස්ථාවේදී තමයි බන්දුල ගුණවර්ධනයන් විශිෂ්ට සිනමාවක් වෙනුවෙන් ආයෝජනය කරන්නේ. ඒ වගේම ඔහුට ඒ කාලයේ මුදල් අගහිඟයක් තිබුණේද නැත. ඒ වගේම ඔහු විසින් සිනමාවට රැගෙන ආවේ පරාක්‍රම නිරිඇල්ලවය. ඒත් එක්කම පළමුවැනියා සහ අන්තිමයා නමින් කළ කෙටි චිත්‍රපටයකින් සම්මාන ලබා සිටි නිඇල්ල, සිනමා ගමනයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් සයිමන් නවගත්තේගම ලියූ සිරිමැදුර නම් තිරපිටපත ලබාදෙමින්, නිරිඇල්ල සිනමා ලෝකයට රැගෙන එන්නට බන්දුල සමත්විය.