පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල අභාවප්‍රාප්ත වෙයි...

Sri Lanka
By Sithumi Feb 16, 2023 02:49 PM GMT
Sithumi

Sithumi

Report

බස්නායක මහතා අද (16) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. බන්දුල බස්නායක මහතා අභාවප්‍රාප්ත වූයේ කලක සිට අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අද අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවුණා.

1980 දශකයේ දේශපාලනයට පිවිසි බන්දුල බස්නායක මහතා 1994-2000 කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

2004-2010 අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයා පරිසර හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු ක්‍රීඩා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. හිටපු අමාත්‍ය බන්දුල බස්නායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2023 පෙබරවාරි 19 වන දින ගල්ගමුවේදී සිදුකිරීමට නියමිතයි. (