රැප් ගායකයෙකු නේපාලයේ අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දෙයි

Report

අද (27) දින රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිට දේශපාලනයට පිවිසි බාලේන්ද්‍ර ෂා නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පුද්ගලයන් 76දෙනෙකුට ජීවිත අහිමි වූ "Gen Z" දූෂණ විරෝධී උද්ඝෝෂණවලින් පසු පැවැත්වූ පළමු මැතිවරණයෙන් ෂාගේ තෙවසරක් පැරණි රාෂ්ට්‍රිය ස්වාතන්ත්‍ර පක්ෂය ආසන 275කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 182ක් දිනා ගැනීමට සමත් විය.

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

කත්මණ්ඩු අගනුවර හිටපු නගරාධිපතිවරයෙකු වන 35 හැවිරිදි ඔහු, දශක කිහිපයකට පසු නේපාලයේ පත්වූ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වේ. රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ බාලේන්ද්‍ර ෂා ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දී ඇත.

බදාදා නිවාඩුවේ දැම්මේ නීතියක් නෙමෙයි ඉල්ලීමක් - බදාදා නිවාඩු පටලැවිල්ලට කොමසාරිස්ගෙන් උත්තරයක්

බදාදා නිවාඩුවේ දැම්මේ නීතියක් නෙමෙයි ඉල්ලීමක් - බදාදා නිවාඩු පටලැවිල්ලට කොමසාරිස්ගෙන් උත්තරයක්