දරු තිදෙනෙකුට පියෙක් අහිමි කල මුත්තනුවෝ ..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Oct 12, 2024 04:16 AM GMT
Piyumika

Piyumika

Report

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.

බෑණාගේ හිසට පහර දිමක් හේතුවෙන් බැනා ඝාතනයට ලක්ව ඇති බව බළන්ගොඩ පොලිසිය පැවැසීය.

පාරවල් දිගේ පාලනයකින් තොරව කටයුතු කරනු ලබන පුද්ගලයෙකු සමග බේරා ගැනීමට ගනුදෙනුවක් නෑ..අශෙන්ට මැකොගෙන් ..(VIDEO)

පාරවල් දිගේ පාලනයකින් තොරව කටයුතු කරනු ලබන පුද්ගලයෙකු සමග බේරා ගැනීමට ගනුදෙනුවක් නෑ..අශෙන්ට මැකොගෙන් ..(VIDEO)

මෙලෙස මියගොස් ඇත්තේ බළන්ගොඩ දහමානේ පදිංචිව සිටි මීගහවෙල ලේඛමිලාගේ විජේකුමාර නැමැති 44 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය පවසයි.

මිය ගිය අයගේ නිවසට ඔහුගේ බිරිඳගේ මව සහ පියා පැමිණ සිට තිබේ. එම අවස්ථාවලදී බිරිද සහ මරණකරු අතර බහින් බස්විමක් සිදු වි තිබෙන අතර එම අවස්ථාවලදී බිරිදගේ පියා විසින් නිවසේ සාලයේදි සිදු කළ පහර දිමක් හේතුවෙන් බෑනා මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ලස්සනම දවස නිමේෂයකින් අවලස්සන වුනු හැටි..

ලස්සනම දවස නිමේෂයකින් අවලස්සන වුනු හැටි..

පහර දුන් 65 හැවිරිදි සැකකාර මාමා බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොහු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.