පාරවල් දිගේ පාලනයකින් තොරව කටයුතු කරනු ලබන පුද්ගලයෙකු සමග බේරා ගැනීමට ගනුදෙනුවක් නෑ..අශෙන්ට මැකොගෙන් ..(VIDEO)

Election Commission of Sri Lanka Sri Lanka General Election 2024 Parliament Election 2024
By Piyumika Oct 12, 2024 02:45 AM GMT
Piyumika

Piyumika

Report

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අද (11) දින නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින්ට අදාල මනාප අංක ඉදිරි සතිය තුලදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

එහිදී මෙවර වැඩිම නාමයෝජනා ඉදිරිපත් වී ඇත්තේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා වන බවත් ඒ ගණන 64ක් බවත් සඳහන් කළ ඔහු, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා අඩුම නාමයෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන බවත් එම ගණන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 15ක් බවත් පැවසුවා.

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක්..

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක්..

එමෙන්ම, නාමයෝජනා සම්බන්ධයෙන් යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම්වලට හෝ අපේක්ෂකයින්ට ඒ සම්බන්ධයෙන් අධිකරණයට යා හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

එම මාධ්‍ය සාකච්ඡාවේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නාමයෝජනා ලබා දුන් අශේන් සේනාරත්න තම කණ්ඩායම් නාම යෝජනා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව සහ එහි නිලධාරීන් දූෂිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ,

පොලිස් ජෝඩුවක් එකතු වෙලා කතකට කර ඇති නොමනා වැඩේ..

පොලිස් ජෝඩුවක් එකතු වෙලා කතකට කර ඇති නොමනා වැඩේ..

පාරවල් දිගේ පාලනයකින් තොරව කටයුතු කරනු ලබන පුද්ගලයෙකු සමග බේරා ගැනීමට ගනුදෙනුවක් නොමැති බවත්, වැරදි චිත්‍රයක් රටට ලබා දීමෙන් වලකින ලෙසත් අවශ්‍යනම් කොමිසමේ දූෂිතභාවය අධිකරණයට ගොස් ඔප්පු කර පෙන්වන ලෙසත් සඳහන් කළා.