බේකරි 700ක් වසා දමත්..දැඩි අවදානම් තත්ත්වයක්.

Police Sri Lanka Business Bakery closed
By Aruna Nov 29, 2021 04:41 AM GMT
Aruna

Aruna

Report

ඩොලර් හිඟයෙන් තවත් කර්මාන්තයක් අමාරුවේ තිරිඟු පිටි ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ යෑම හමුවේ බේකරි පවත්වාගෙන යෑමට නොහැකි වීම නිසා කුඩා පරිමාණයේ බේකරි 700 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනාවරණය කරයි.

ලංකාව තුළ බේකරි 7000 ක් පමණ තිබෙන බවත්, ඉන් බේකරි සියයට පහත් දහයත් අතර ප්‍රමාණයක් වසා දමා ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් කොළඹදී ඊයේ (28 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කීවේය බේකරි කර්මාන්තය නිසා ලක්ෂ හයක් පමණ රැකෙන බවද සභාපතිවරයා කියයි.

මේ අතර තිරිඟු පිටි බෙදාහරින සමාගම් විසින් වතුකරයට බෙදන තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

රොටී සෑදීමට ගන්නා තිරිඟු පිටි කිලෝවක් වතුකරයේ රුපියල් 80 කට අලෙවි කෙරුණු අතර, මේ වෙද්දී එම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 130 ත් 135 ත් අතර මිලකින් වැඩිවී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now