පිටි, තෙල්, මාගරින් හිගය නිසා බේකරි 300ක් වහයි..

price Gossipsrilanka bakary
By Sithumi Feb 23, 2022 03:40 PM GMT
Sithumi

Sithumi

Report

බේකරි කර්මාන්තයේ පවත්වාගෙන යාම සඳහා බලපාන ගැටලු රැසක් නිසා සමස්ත සමස්ත බේකරි හිමියන් අසරණ වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි

. සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ තවදුරටත් බේකරි කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි ව කුඩා බේකරි 200-300ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණද විකුණා දමා ඇති බවයි. දැනට රටපුරා පිහිටි බේකරි 7000 කින් 4000ක පමණ පාන් නිෂ්පාදනය කරන්නේ සතියකට දින 5 ක් පමණක් බවද හෙතෙම පැවසීය

. තිරිගු පිටි මිල ඉහල යාම හා හිගය, ෆාම් තෙල්, පොල් තෙල්, මාගරින් මිලද පෙරට වඩා සියයට සීයකින් කින් පමණ ඉහළ යාම බේකරි හිමියන්ට දරා ගත නොහැකි බව ද හෙතෙම තවදුරටත් පැවසීය. මෙම ගැටළු සඳහා විසඳුම් ලබා දී බේකරි කර්මාන්තය ගොඩ ගැනීමට මැදිහත් වෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now