උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ ඇප ඉල්ලීම කල් දමයි

Report

කොළඹ මහාධිකරණය  විසින්   අල්ලස් පනත යටතේ "දූෂණ" චෝදනා යටතේ වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එමි. රංජිත් මහතා එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහු ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා ගොනුකර ඇති ඇප ඉල්ලීම නොවැම්බර් මස 28 වනදා කැදවන ලෙස  අද නියම කර තිබේ.

මෙම නඩුවට අදාළ භාණ්ඩ සහ ලේඛන කොළඹ මහාධිකරණ අංක 4 ශාලාවේ පවතින නඩුව හා ගොනුවට අයත් බව දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී තිබේ.

ඊට අනුව, විනිසුරු වරයා නියම කළේ මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා පෙත්සම නොවැම්බර් 28 වනදා කැඳවන ලෙසයි.

2012 සැප්තැම්බර් 27 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. රංජිත් මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස සේවය කළ විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන මැතිනියට වැටුප සමඟ ඉන්ධන දීමනාවක් ලබාදෙන අතරතුර, නීතිවිරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් ලබා දීම සහ එයට රජයේ නිලධාරීන් පෙළඹවීම, සහයෝගය දීම ඇතුළු චෝදනා 6 ක් යටතේ අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබුණි.

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවක් දෙසැම්බර් 09 කැඳවීමට නියෝග

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවක් දෙසැම්බර් 09 කැඳවීමට නියෝග

දීර්ඝ නඩු විභාගයකට පසුව, කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශ කරමින් විත්තිකරුවන්ට වසර 16 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇති අතර, එම ඇපෑල විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශ වන තෙක් තමන්ව ඇප මත මුදා හැරීමට ඉල්ලමින් ඔවුන් නීතිඥවරු මාර්ගයෙන් මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන භයානක අනාවරණයක්

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන භයානක අනාවරණයක්