නුගේගොඩ රැළියට අයහපත් කාලගුණය හරස් වෙයි.. විදුලියත් බිඳවැටේ
By Shehan
ප්‍රධාන විපක්ෂ පක්ෂ සංවිධානය කළ “මහා ජන හඬ” ජන රැළිය අද (21) පස්වරු 3ට ආරම්භ වූ මුත්, අයහපත් කාලගුණ තත්ත්වයන් හා හදිසි විදුලි ඇනහිටීම් හේතුවෙන් ජනතාව විසිර යෑමක් සිදුවෙමින් පවතින බවට අප වාර්තාකරු පැවසුවා.
අපගේ වාර්තාකරුගෙන් ලැබුණු තොරතුරු අනුව;
රැළිය සඳහා අවශ්‍ය විදුලි බලශක්තිය එළිමහන් ශාලාවේ පවතින ධාරිතාව ඉක්මවා ගිය බැවින්, අතිරේක විදුලි සැපයුම් ඉල්ලීමක් නොකිරීමේ දෝෂය නිසා හදිසියේම ප්‍රදේශයේ විදුලිය ඇනහිටීමක් සිදුවී ඇත.
මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් හෙළි වී ඇත්තේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවත්, සංවිධායකවරයා අමතර විදුලිය ඉල්ලා නොසිටීම නිසා අර්බුදය ඇති වූ බවත්ය.